මො/මදුරුකැටිය මහා විද්‍යාලය

අප පාසලේ ගණිත කදවුර

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

විදුහල්පති පණිවිඩය

ජී.එස් සඳමාලි මිය

අධ්‍යාපනය ඕනෑම ස්ථානයක ඕනෑම වෙලාවක සිදුවිය හැකි බැවින් හා සමාජයයේ සම්මතයක් ලෙස යාන්ත්‍රික බලයට නැඹුරු වන බැවින් විධිමත් හා අවිධිමත් ඉගෙනුම් අතර වෙනස තවදුරටත් වලංගු නොවනු ඇත. වර්තමානයේ අත්දකිමින් සිටින සීග්‍ර තාක්ෂණික වර්ධනය සමඟ අප විදුහලේ දරුවන් ද මෙම වෙනස අත්විඳිමින් සිටියි. නව තාක්ෂණය ඔස්සේ ඉදිරියට යාමට වෙර දරන අපේ දූ පුතුන්ට මො/මදුරුකැටිය මහා විදුහලේ නිල වෙබ් අඩවිය  ආරම්භ කිරීම පිළිබඳ සුභාශිංෂණ එක් කරමි. යම් පුද්ගලයකුට දැනගන්නට අවශ්‍ය  නරඹන්නට අවශ්‍ය දේ මෙම අඩවිය හරහා ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථාව හිමිකර දීමත් ඉගෙනුම් උපකරණ ලෙස භාවිතයට ගත හැකි වීමත් මෙහි සුවිශේෂීතාවයකි. පාසලේ සමස්ත ප්‍රතිරූපය සමාජගත කිරීමට මින් හැකිවනු ඇත. ආරම්භයේ සිට වර්තමානය දක්වාව අනාගත වැඩසටහන් ද මෙහි අන්තර්ගත වන ලෙස සකසා ඇත. මෙම වෙබ් අඩවිය මතු දිනක පාසල පිළිබඳ දැක්මක් ගොඩනගා ගැනීමට මෙය මහා පිිවහලක් වනු ඇති බව  මාගේ විශ්වාසයයි. 

 

 

ජී.එස් සඳමාලි මිය
විදුහල්පති
මො/මදුරුකැටිය මහා විද්‍යාලය.