මදුරුකැටිය ගම්මානයේ දරුවන්ගේ අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනයක් වෙනුවෙන් ගමට පාසලක් ලබාගැනීමේ අවශ්‍යතාවය ප්‍රදේශවාසීන්ට දැනෙන්නට පටන්ගැනීමත් සමග එහි ප්‍රතිඵලයක් ලෙස 1994 ජනවාරි 29 වන දින මො/මදුරුකැටිය ප්‍රාථමික විද්‍යාලය මොනරාගල අධ්‍යාපන කලාපය තුළ ආරම්භ කරන ලදී.
ආර්.එම්. බණ්ඩාරමැණිකා ගුරුමහත්මිය ආරම්භක විදුහල්පතිතුමිය වූ අතර ගුරුභවතුන් දෙදෙනෙකු, සිසුන් හය දෙනෙකු ඇතුළුව පාසලේ කටයූතු ආරම්භ විය. පසුකාලීනව ශිෂ්‍ය සංඛ්‍යාව 103 දක්වා වර්ධනය අතර මුලින්ම 1996 වසරේදී 05ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය තුළින් එක් සිසුවෙකු සමත්වී තිබීම තුළින් පාසලේ කීර්ති නාමයට හේතුවිය.
2008 වර්ෂයේ කේ.ඒ.යූ.ලියනගේ මහතා විදුහල්පති ධූරය හොබවනු ලැබීය. ඒ වන විට සිසුන් 55 පමණ අධ්‍යාපනය ලැබූ අතර පසුකාලීනව සීමිත භෞතික සම්පත් ප්‍රමාණවත් නොවූයේ සිසුන් ඇතුළත් කිරීම ක්‍රමයෙන් පාසල තුළ වර්ධනය වීමත් සමගය. 2008-2020 කාලය තුළදී පාසල විශාල සාර්ථකත්වයට පත්වූයේ කාගේත් අවධානය දිනාගනිමිනි. 01-09 ශ්‍රේණි දක්වා පන්ති පවත්වනු ලැබූ පාසල 01-13 ශ්‍රේණි දක්වා සංවර්ධනය වීම සිදුවූ අතර භෞතික සම්පත් මෙන්ම අධ්‍යාපන සංවර්ධනයද සිදුවිය. 2016 වර්ෂයේ ද්විභාෂා ඉගෙනුම් අංශයක් ආරම්භවීම සිදුවූ අතර 06-11 ශ්‍රේණි සඳහා එහි ඉගැන්වීම සිදුවිය.
අ.පො.ස.(සා/පෙළ) විභාගයේදී ද්විභාෂා මාධ්‍යයෙන් ශිෂ්‍යයන් A9 ලබාගැනීම විද්‍යාලය ලැබූ මහත් ජයග්‍රහණයකි. අ.පො.ස. (උ/පෙළ) කලා (2019) වාණිජ (2022) මේ වනවිටත් ආරම්භ කර ඇති අතර එම අංශය හරහා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගැනීමට සිසුන් සමත්වී ඇත. ඒ තුළින් මෙම පාසල කලාපයේ පවතින අනෙකුත් පාසල්වලට අභියෝගයක් වනු නොඅනුමානය.
මදුරුකැටිය කණිෂ්ඨ විද්‍යාලය මදුරුකැටිය මහා විද්‍යාලයක් බවට පත්වීම 2019 වර්ෂයේ සිදුවූ අතර 2023 වර්ෂය අවසන් වනවිට සිසුන් 596ක්, ආචාර්ය මණ්ඩලය 50ක්ද අනධ්‍යයන කාර්ය මණ්ඩලය 05ක්ද දක්වා වර්ධනය වීම ද සාර්ථක අධ්‍යාපන ක්‍රියාවලියකට හේතුවක් වනු ඇත.





