නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
එච්.පී.විදානපතිරණ මිය
ලෝකය වෙනස් කරන බලගතුම අවිය වන අධ්‍යාපනය දැනුම ඒකරාශී කරන වර්නිධය ක්‍රියාවලියකි. තාක්ෂණික වශයෙන් දියුණුුවූත්, නවීකරණයවූත් වත්මන් ලොව තුළ දැනුම සීඝ්‍රයෙන් පුළුල් වන විෂයක් වන අතර මිනිසාගේ සන්නිවේදනයද ඒ හා සමගාමීව නව මං පෙත් විවර කරමින් ඉදිරියට පැමිණ ඇත. වත්මන වන විට ගසට පොත්ත මෙන් බැඳීමක් තාක්ෂණය හා ළමා පරපුර අතර පවතීී. ඒ නිසාම දරුවන් හට නව තාක්ෂණය හමුවේ ගැටීමට ඉඩ දී ඔවුන්ගේ දැනුම වර්ධනය කර ගැනීමට ඉඩ දීම අපේ වගකීමකි. මො/ මදුරුකැටිය මහා විද්‍යාලය ද තාක්ෂණය පෙරදැරිව ඉදිරියට පිය නගින පාසල් අතරන් ඉදිරියෙන්ම සිටින පාසලකි. එහි තවත් එක් හැරවුම් ලක්ෂයක් ලෙස පාසලෙහි නිල වෙබ් අඩවියේ එළිදැක්වීම හැඳින්විය හැකි අතර තාක්ෂණය ඔස්සේ තවත් ඉදිරියට යාමට අපගේ දූ පුතුන්ට හැකියාව ලැබේවායි උණුසුම් සුබ පැතුම් එක් කරමි. මෙම නිල වෙබ් අඩවිය මගින් පාසල පිළිබඳ මනා ප්‍රතිරූපයක් සමාජයට ගෙන යෑමට මහත් පිටුවහරක් ලැබෙනු ඇතැයි මා විශ්වාස කරමි.
එච්.පී.විදානපතිරණ මිය
නියෝජ්‍ය විදුහල්පති
මො/මදුරුකැටිය මහා විද්‍යාලය.





